T20 ලෝක කුසලානයේ පළමු අභියෝගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල පරදියි

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන්ට පාකිස්තානය හමුවේ ලකුණු  31 කින් අද(3) පරාජයට පත් වීමට සිදු වුණා.

සාජා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 116 ක්.

ඔවුන්ගේ 8 වැනි කඩුල්ල ලකුණු 84 දී බිද වැටුණු නමුත්, නායිකා ෆාතිමා සානා පන්දු 20 කින් ලකුණු 30 ක් රැස් කරමින් සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා පාකිස්තාන කණ්ඩායම රැගෙන ගියා. නිදා දාර් ලකුණු 23 යි.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී, සුගන්දිකා කුමාරි හා චමරි අතපත්තු කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85 පමණයි.

චමරි අතපත්තු ලකුණු හයකටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 7කටත් දැවී ගියා. හසිනි පෙරේරා ලකුණු 8ක් ලබා සිටියදී දැවී ගිය අතර, කවීෂා දිල්හාරි ලබා ගත්තේ ලකුණු 3ක් පමණයි. ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 20 කට දැවී ගියා. නිලක්ෂිකා සිල්වා ලකුණු 22 යි.

පන්දු යැවීමේ දී සදියා ඉක්බාල් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඔමයිමා සොහයිල්, ෆාතිමා සානා හා නශ්රා සන්දු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ පළමු තරගයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 16 ක ජයක් ලැබීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද සමත් වුණා.

සාජාහී දී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7 ක් දැවී ලකුණු 119 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ස්කොට්ලන්තය ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී ලකුණු 103 පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...