ටබ්රයිස් ශම්සි දකුණු අප්‍රිකා කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වෙයි

Date:

දකුණු අප්‍රිකා දග පන්දු යවන ක්‍රීඩක ටබ්රයිස් ශම්සි එරට ක්‍රිකට් ආයතනය සමග පවතින මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුට ඉදිරියේ දී දකුණු අප්‍රිකානු බැඳීම්වලට යටත් නොවී වැඩි වශයෙන් ෆ්‍රැන්චයිස් ලීග් තරග සදහා ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙනු ඇති.

කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වුව ද, ශම්සි තවදුරටත් ප්‍රධාන තරගාවලියන්හී දී දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට සූදානමින් සිටිනවා.

ශම්සි අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර තිබුණේ නිමා වූ 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිවයි.

මේ දිනවල දකුණු අප්‍රිකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරග සංචාරයක නිරතව සිටින අතර, එම සංචාරය සදහා ඔහු ඇතුළත්ව නැහැ.

මෙම වසර මුල පැවැති පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අතරතුර දී ඔහුට එම තරගාවලියෙන් ඉවත් වී දකුණු අප්‍රිකානු දේශීය තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදු වූ අතර, ජාතික කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණයට එය බොහෝ දුරට හේතු වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...