දවාන් 101* – කඩුලු 5ක විශිෂ්ඨ ජයකින් දිල්ලිය යළි පෙරමුණට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 34 වන තරගයෙන් ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

සාජාහී දි අද(17) පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිල කඩුලු 4ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා.

චෙන්නායි ඉනිම ශක්තිමත් කළ ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 58ක්, ශේන් වොට්සන් ලකුණු 36ක් සහ අම්බටි රයිදු නොදැවී ලකුණු 45ක් රැස් කළා.

පන්දු 25කින් වාර්තා වූ රයිදුගේ ඉනිමට හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Anrich Nortje ලකුණු 44කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම කඩුලු 5ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි.

එහිදී සිය මංගල අයි.පී.එල් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 101ක් රැස් කළ ශිකර් දවාන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

කෙසේ වෙතත්, ඔහු ලබා දුන් උඩ පන්දු 4ක් (ලකුණු 25, 27, 50 සහ 79 දී) චෙන්නායි පන්දු රකින්නන් අතින් ගිලිහී යාම විශේෂත්වයක්.

අවසන් පන්දුවාරයට තරගය ජය ගැනීම සදහා දිල්ලි පිලට ලකුණු 17ක් අවශ්‍ය වුණා.

ඩ්වේයන් බ්‍රාවෝ ආබාධයකට ලක්වීම හේතුවෙන් එම පන්දුවාරය යොමු කිරීමට සිදු වූයේ රවීන්ද්‍ර ජඩේජාටයි.

කෙසේ වෙතත්, ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය පන්දු 5කින් සපුරා ගැනීමට දිල්ලි පිල සමත් වුණේ ආක්සා පටෙල් එම පන්දුවාරයට  එල්ල කළ හයේ පහර 3ත් සමගින්.(දර්ශන මෙතනින්)

ඔහු පන්දු 5කින් නොදැවී ලකුණු 21ක් ලබා ගනිමින් දිල්ලි කණ්ඩායමේ ජය තහවුරු කළා.

පන්දු යැවීමේ දී දීපක් චහාර් ලකුණු 18කට කඩුලු 2ක් බිද හෙලුවා.

මේ වන විට දිල්ලි කැපිටල්ස් පිල තරග 9කට සහභාගී වී තරග 7ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 14ක් හිමි කර ගෙන සිටිනවා.

තරග 9කදී තරග 3ක් පමණක් ජය ගත් චෙන්නායි පිල තවදුරටත් රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේයි.

(තරගයේ අවසන් පන්දුවාරයේ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...