මෙහිදි කැදවමින් බංග්ලාදේශ T20 සංචිතය නම් කෙරේ

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

විස්සයි 20 සංචිතය සදහා මෙහිදි හසාන් මිරාස් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු අවසන් වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදි යි. ඒ අනුව ඔහු බංග්ලාදේශය අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි 20 තරග 24 සදහා ක්‍රීඩා කර නැහැ.

ආරම්භක පිතිකරුවෙකු වන Parvez Hossain Emon හා වමත් දග පන්දු යවන ක්‍රීඩක Rakibul Hasan ද සංචිතයට කැදවා තිබෙනවා.

විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගත් බවට නිවේදනය කිරීම හේතුවෙන් ශකිබ් අල් හසාන් මෙම සංචිතයට නම් කර නැහැ. සෞම්‍ය සාකාර්ට ද සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරග 3 ඔක්තෝබර් 6, 9 හා 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Bangladesh squad for T20Is against India

Najmul Hossain Shanto (c), Tanzid Hasan, Parvez Hossain Emon, Tawhid Hridoy, Mahmudullah, Litton Das, Jaker Ali, Mehidy Hasan Miraz, Mahedi Hasan, Rishad Hossain, Mustafizur Rahman, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib, Rakibul Hasan.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...