නිශාන්, ප්‍රභාත් හා පිතිකරුවන්ගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 154 ක ජයක්

Date:

නවසීලන්තය සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(29) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 154 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව මෙලෙස ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ වසර 15 කට පසුව වීම ද විශේෂත්වයක්.

ගාල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට පියවර ගත් අතර, පිළිතුරු ලෙස නවසීලන්තය පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 88 ක් පමණයි.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියා. ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 360 ක් පමණයි.

දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස ටොම් බ්ලන්ඩල් ලකුණු 60 කට දැවී ගිය අතර, 7 වැනි කඩුල්ල ලෙස ග්ලේන් පිලිප්ස් ලකුණු 78 ක් රැස් කර සිටියදී දැවී ගියා. පසුපෙලට යම් ජීවයක් ගෙන දුන් මිචෙල් සැන්ට්නර් ලකුණු 67 ක් ලබා ගත් අතර, ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි දැවී ගියේ. නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ ලකුණු 61 ක් ද, කේන් විලියම්සන් ලකුණු 46 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ නිශාන් පීරිස් ලකුණු 170 කට කඩුලු 6 ක් දවා ගත්තේ ඔහු පළමු ඉනිමේ දී ද කඩුලු 3 ක් බිද හෙලූ පසුබිමකයි. ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් බිද හෙලුවා. ප්‍රභාත් පළමු ඉනිමේ දී දවා ගත් කඩුලු ගණන හයක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතක 3 ක් වාර්තා වුණා. එහිදී කමිදු මෙන්ඩිස් ලකුණු 182*ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 106* ක් රැස් කළා.

අවසන් තරගයේ වීරයා ලෙස කමිදු මෙන්ඩිස් ද, තරගාවලියේ වීරයා ලෙස ප්‍රභාත් ජයසූරිය ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

නිශාන් පීරිස් දවා ගත් කඩුලු හය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...