නිරෝෂන් දික්වැල්ලට එරෙහිව ක්‍රිකට් තහනමක්

Date:

ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක හා ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ලට එරෙහිව වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිතව ඇති බව Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ, 31 හැවිරිදි ඔහු 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී තහනම් උත්තේජක (කොකේන්) ලබා ගෙන ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය විසින් ජූලි 14 වැනිදා සිදු කළ පරීක්ෂණයදී ඒ බව අනාවරණය වී තිබුණා.

පසුව උත්තේජක මර්ධන විනය කමිටුවක් විසින් 2024 වසරේ අගෝස්තු 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දික්වැල්ලට එරෙහිව වසර තුනක තහනම පැනවීමට තීරණය කර ඇති බව සදහන්.

මීට පෙර 2011 වසරේ දී වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ද තහනම් උත්තේජක චෝදනාවකට වරදකරු වී මාස තුනක තහනමකට මුහුණ දී තිබුණා.

කුසල් ජනිත් පෙරේරාට එරෙහිව ද එවැනි චෝදනාවක් එල්ල වූ නමුත්, එම චෝදනාවලට තමන් නිවැරැදිකරු බව පසුව ඔහු සනාථ කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...