සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම ස්ථීරවම භාර වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථීර ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔහු වසරක කාලයක් සදහා එම ධූරයේ ස්ථීර කිරීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන තිබෙනවා.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු ද වන සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පත් කළේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සිය කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර නොගැනීමට තීරණය කිරීම හේතුවෙනුයි.

ඒ අනුව පළමුව ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා හා ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සදහා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ධූරයේ වගකීම හිමි වුණේ සනත් ජයසූරියටයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් ද, එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග ජයක් ද වාර්තා කළා.

අනතුරව නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සදහා ද වැඩබලන පුහුණුකරු ලෙස ඔහුව පත් කෙරුණු අතර, එම තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව මේ වන විට ඉහළ දක්ෂතා දක්වමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ද පසුගියදා සනත් ජයසූරියගේ පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් ඉහළ ඇගයීමක් සිදු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...