ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 33 ක ජයක්

Date:

අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 33 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකාරිණියන් වූ විශ්මි ගුණරත්න ලකුණු 14 කටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29කටත් දැවී ගියා. චමරි අතපත්තු ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

හසිනි පෙරේරා ලකුණු 43 ක් හා නිලක්ෂි සිල්වා ලකුණු 30 ක් ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Shorna Akter ලකුණු 19 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

Nigar Sultana නොදැවී ලකුණු 30 ක් රැස් කළ අතර, Disha Biswas ලකුණු 25 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සුගන්දිකා කුමාරි ලකුණු අටකට කඩුලු 3 ක් දවා ගත් අතර, ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 11 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...