ඩිවිලියස් 55(22)* මොරිස් 26/4 – බැංගලෝර් පිලට කඩුලු 7ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වන තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ඩුබායිහි පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් පිල කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

තරගාවලිය පුරා සැලකිය යුතු දක්ෂතාවයක් දැක් වීමට අපොහොසත් වූ රොබින් උතාපා පන්දු 22කින් ලකුණු 41ක් රැස් කළා.

නායක ස්ටීව් ස්මිත් පන්දු 36කින් ලකුණු 57ක් ලබා ගත් අතර, ජොස් බට්ලර් ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ක්‍රිස් මොරිස් ලකුණු 26කට කඩුලු 4ක් බිද හෙලුවා.

ඉසුරු උදාන පන්දුවාර 3ක් පමණක් ක්‍රියාත්මක කළ අතර, ඔහුට එරෙහිව ලකුණු 43ක් රැස් කිරීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් පිල කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.4ක් අවසානයේ දී යි.

නායක විරාට් කෝලි ලකුණු 43ක් සහ දෙව්දත් පඩික්කල් ලකුණු 35ක් රැස් කළා.

කෙසේ වෙතත් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණේ ඒ.බී ඩි විලියස්.

ඔහු පන්දු 22කින් නොදැවී වේගවත් ලකුණු 55ක් ලබා ගත්තේ හයේ පහර 6ක් ද සිය ඉනිමට එක් කරමින්.(ඔහුගේ ඉනිමේ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

මෙම ජයග්‍රහනයත් සමග බැංගලෝර් කණ්ඩායම මේ වන විට තරග 9කට ක්‍රීඩා කර තරග 6ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ පසුවනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබා මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.

(ඒ බී ඩි විලියස්ගේ ඉනිමේ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...