LPL නිල ලාංඡනය එලි දකියි – විදෙස් ක්‍රීඩකයන් 75 ක් සමගින් කෙටුම්පත් කිරීම අනිද්දා

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල ලාංඡනය එළි දක්වා තිබෙනවා.

දේශීය සංස්කෘතියට සහ ඉතිහාසයට මුල් තැනක් ලබා දෙමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ජාතික ධජයේ දක්නට ලැබෙන සිංහයෙකුගේ ධෛර්යය, අධිෂ්ඨානය සහ නිර්භීතකම මෙම ලාංඡනයට ද එක් කර ඇති බවයි තරගාවලියේ සංවිධායකත්වය හිමි Innovative Production Group (IPG) සමාගම සදහන් කළේ.

තැඹීලි සහ රතු වර්ණය මෙම ලාංඡනයට යොදා ඇත්තේ ඓතිහාසික මහනුවර යුගයේ චිත්‍ර සහ සීගිරි බිතුසිතුවම්වල වර්ණ පදනම් කර ගනිමින්.

නිල් සහ කහ වර්ණය ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ණයයි.

තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ වර්ණ සිංහයාගේ කේෂරවල වර්ණවලින් නිරූපනය කෙරෙනවා.

මෙවර පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට නියමිතයි.

එනම්, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී යි.

තරගාවලියට තරග 23 ක් ඇතුළත් අතර, එය නොවැම්බර් 21 වනදා ආරම්භ සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීමේ කටයුතු (Player Draft) එළඹෙණ 19 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලියේ අයිතිය හිමි ඩුබායිහි ‘Innovative Production Group (IPG)’ සමාගම සදහන් කළේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවට විදෙස් ක්‍රීඩකයින් 75 දෙනෙකු ඉදිරිපත් වන බවයි.

තරගාවලිය සදහා කණ්ඩායම් පහක් එක් වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

එල්.පී.එල් නිල ලංඡනය පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...