IPL පිටියට තරග ගාස්තු හදුන්වා දෙයි – තරගයක් සදහා ක්‍රීඩකයෙකුට හිමි වන මුදල මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියරේ සිට ක්‍රීඩකයෙකු සදහා පළමු වරට තරග ගාස්තු ලබා දීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව එක් තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 7.5 ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 26.7) තරග ගාස්තු වශයෙන් ගෙවීමට නියමිතයි.

ක්‍රීඩකයෙකු කණ්ඩායමක් සමග ගිවිසුම්ගත වන මුදලට අමතරවයි මෙම තරග ගාස්තු ඔහුට හිමි වන්නේ.

ඒ අනුව එක් තරගාවලියකදී මූලික වටයේ තරග 14 සදහාම ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළහොත් ඔහුට ඉන්දීය රුපියල් කෝටි 1.05 ක තරග ගාස්තු ප්‍රමාණයක් හිමි වනවා.

මෙය Impact Player ඇතුළුව තරගයකට ක්‍රීඩා කරන එක් කණ්ඩායමක ක්‍රීඩකයින් 12 දෙනාටම හිමි වන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම තරග ගාස්තු ලෙස එක් තරගාවලියක් වෙනුවෙන් වෙන් කළ යුතු මුදල ඉන්දීය රුපියල් කෝටි 12.60 ක්. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 44.93 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...