Watch : රචින් දවා ගත් නිශාන්ගේ සුපිරි පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (28) දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍රගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් සමත් වුණා.

නවසීලන්ත දෙවැනි ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස රචින් රවීන්ද්‍ර දැවී ගියේ නිශාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි. දැවී යන විට රවීන්ද්‍ර ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12 ක්.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි. ඒ, තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුණු 602 කට පිළිතුරු ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...