Day 3 Report : නවසීලන්තය ඉනිමක පරාජයක් අභියස

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(28) ගාල්ලේ දී නිමා වුණේ නවසීලන්තය ඉනිමක පරාජයක් අභියසටම ඇද දමමින්.

අයහපත් ආලෝක තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් නියමිත කාලයට පෙර අද දිනය අවසන් කෙරුණු අතර, ඒ වන විට අඛන්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 199 ක්.

ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් ගැලවීමටනම් තවත් ලකුණු 315 ක් ලබා ගත යුතුයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ටොම් බ්ලන්ඩල් ලකුණු 47 ක් හා ග්ලේන් පිලිප්ස් ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම් ලකුණු බින්දුවකට දැවී ගිය නමුත්, දෙවැනි කඩුල්ලට ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩෙවෝන් කොන්වේ හා කේන් විලියම්සන් සමත් වුණා.

කොන්වේ ලකුණු 61 කටත්, විලියම්සන් ලකුණු 46 කටත් දැවී ගියා. රචින් රවීන්ද්‍ර ලකුණු 12 කට දැවී ගිය අතර, ඩැරල් මිචෙල් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් නිශාන් පීරිස් කඩුලු 3 ක් දවා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය හා ධනංජය ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි. එය නවසීලන්තය මෙරට දී ටෙස්ට් ඉනිමකදී ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 29 ක් රැස් කළ මිචෙල් සැන්ට්නර්. ඩැරල් මිචෙල් ලකුණු 13 ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 10 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 කට කඩුලු 6 ක් දවා ගත් අතර, නිශාන් පීරිස් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...