ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(27) නිවේදනය කළා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

විස්සයි 20 තරගාවලියේ සියලු තරග දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත අතර, ඔක්තෝබර් 13, 15 හා 17 යන දිනවලදී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා. සියලු තරග ආරම්භ වන්නේ රාත්‍රී හතටයි.

එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔක්තෝබර් 20, 23 හා 26 යන දිනවලදී එක්දින තරග පැවැත්වෙන අතර, සියලු තරග පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතයි.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...