චන්දිමාල්ගේ ශතකය පළමු දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙයි

Date:

දිනේෂ් චන්දිමාල්ගේ අනර්ඝ ශතකය හා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නොදැවුණු අර්ධ ශතකය හමුවේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(26) නිමා වුණේ දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 306 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 78 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 85 ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක එක් ලකුණක් ලබා සිටියදී පළමු පන්දුවාරයෙන්ම දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේයි. අනතුරුව දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. දිමුත් ලකුණු 46 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා.

අනතුරුව චන්දිමාල් සමග පිටියේ එක් වූ ඇන්ජෙලෝ මැතිව්ස් තෙවැනි කඩුල්ලට ලකුණු 97 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ශක්තිමත් කළා.

සිය 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ චන්දිමාල් ලකුණු 116 ක් ලබා ගත්තා. හතරේ පහර 15 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අද දිනයේ දී නවසීලන්ත පන්දු රකින්නන් ඉතා දුර්වල පන්දු රැකීමක් ප්‍රදර්ශනය කළ අතර, ස්ටම්ප් කිරීමක් හා උඩ පන්දු කිහිපයක් ඔවුන් අතින් ගිලිහී ගියා.

දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 102 ක් ලබා ගත් අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 92 ක්. තේ පානයේ සිට දිනය නිමා කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 112 ක් රැස් කළා.

අද ආරම්භ වූ තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව රමේෂ් මෙන්ඩිස් හා ලහිරු කුමාර කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් හා මිලාන් රත්නායකයි. නිශාන් පීරිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 167 වැනි ක්‍රීඩකයා ලෙසයි අද ඉතිහාසයට එක් වුණේ. නවසීලන්ත කණ්ඩායම මෙම තරගය වෙනුවෙන් කිසිදු වෙනසක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...