කමිදු මෙන්ඩිස්ගෙන් නව ලෝක වාර්තාවක්

Date:

ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් අද(26) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ සිය පළමු ටෙස්ට් තරග අටේදීම ලකුණු 50 සීමාව පසු කරමින් ලකුණු රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

නවසීලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කරමින් ඔහු එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.

මීට පෙර පාකිස්තානයේ සවුද් ශකීල් තමන් ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50 ට වැඩියෙන් වාර්තා කර තිබූ අතර, ඒ අනුව ටෙස්ට් වරම් හිමි කර ගැනීමෙන් පසුව එම තරගයේ සිට අඛණ්ඩව වැඩිම තරග ප්‍රමාණයකදී ලකුණු 50 ට වැඩියෙන් රැස් කරමින් අදාළ ලෝක වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවේ ඔහුයි.

කමිදු මේ දක්වා ටෙස්ට් පිටියේ දී ශතක 4 ක් හා අර්ධ ශතක 5 ක් වාර්තා කිරීමට සමත්ව සිටිනවා.

කමිදු මෙතෙක් දක්වා ඇති දක්ෂතා –

  • ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 61 ක්
  • බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 102 ක්
  • බංග්ලාදේශ්‍යට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 164 ක්
  • බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 92 ක්
  • බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 9ක්
  • එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 12 ක්
  • එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 113 ක්
  • එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 74 ක්
  • එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 4ක්
  • එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 64 ක්
  • නවසීලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 114 ක්
  • නවසීලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 13 ක්
  • නවසීලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 51*

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...