ශකිබ් අල් හසාන් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගැන සිය තීරණය නිවේදනය කරයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ඩකා (මීර්පූර්) හී දී පැවැත්වෙන ටෙස්ට් තරගය සිය අවසන් ටෙස්ට් තරගය බවයි ඔහු සදහන් කළේ.

කන්පූර්හී දී ඉන්දියාවට එරෙහිව ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශකිබ් වැඩිදුරටත් කියා සිටියේ ජූනි මාසයේ දී පැවැති 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සිය අවසන් විස්සයි 20 ජාත්‍යන්තර තරගාවලිය බවයි.

ඒ අනුව ඩකා ටෙස්ට් තරගයෙන් පසුව ඔහු ඉදිරියේ දී බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ එක්දින තරග සදහා පමණයි.

බංග්ලාදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබද ගැටලු හේතුවෙන් එරට තරග සංචාරයේ නිරත වන්නේ ද යන්න සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව මෙතෙක් සිය අවසන් තීරණය නිවේදනය කර නැහැ.

ඔවුන් එම සංචාරය අවලංගු කළහොත් ශකිබ් අල් හසාන් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය බවට පත් වන්නේ සිකුරාදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගයයි.

බංග්ලාදේශයේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් 37 හැවිරිදි ශකිබ් අල් හසාන්ට එරෙහිව ද චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ බංග්ලාදේශයේ දී තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද තමාට ගැටලුවක් ඇති බවයි.

“මම දකුණු අප්‍රිකානු තරඟාවලියට ක්‍රීඩා කරන්න සූදානම් නමුත් බංග්ලාදේශයේ බොහෝ දේ සිදු වන බැවින්, සියල්ල මා මත රඳා පවතින්නේ නැහැ.” යනුවෙන් ශකිබ් කියා සිටියා.

“බංග්ලාදේශ ක්‍රිකට් සභාපති Faruque Ahmed ට හා තේරීම් කමිටු නිළධාරීන්ට මම කිව්වා අවස්ථාවක් තියෙනවනම් හා මට ක්‍රීඩා කළ හැකි නම්, මගේ අවසන් ටෙස්ට් තරගය මීර්පූර්හි ටෙස්ට් තරගය කියලා. මට ක්‍රීඩා කිරීමට සහ ආරක්ෂිත බවක් දැනෙන ලෙස කටයුතු කිරීමටත්, මට බාධාවකින් තොරව රට (ඉන්දියාව) හැර යා හැකි බවට සහතික කිරීමටත් ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටිනවා.”

විස්සයි 20 ජාත්‍යන්තර පිටියට සමු දී ඇතත්, ශකිබ් ඉදිරියටත් ෆ්‍රැන්චයින් ලීග් තරගාවලි ක්‍රීඩා කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...