ප්‍රභාත්ගේ කඩුලු 9 හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 63 ක ජයක්

Date:

නවසීලන්තය සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 63 ක ජයක් වාර්තා කරමින් තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23) සමත් වුණා.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 275 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 207 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 211 ක් පමණයි.

අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට ලකුණු 68 ක් ලබා ගත යුතුව තිබූ නමුත්, නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි රචින් රවීන්ද්‍ර ලකුණු 92 ක් ලබා සිටියදී දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වීමත් සමග නවසීලන්ත කණ්ඩායමේ සියලු බලාපොරොත්තු සුන් වුණා.

අවසන් කඩුල්ල ලෙස විලියම් ඕරෝක් ද ප්‍රභාත්ගේ පන්දුවකට ගොදුරු වූයේ මෙම ඉනිමේ දී ප්‍රභාත්ට කඩුලු පහක් හිමි කර දෙමින්. ඔහු තරගය පුරා දවා ගත් කඩුලු ගණන 9 ක්. රමේෂ් මෙන්ඩිස් ද කඩුලු තුනක් බිද හෙලුවා.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් හා ටොම් බ්ලන්ඩල් ලකුණු 30 බැගින් ලබා ගත්තා. ටොම් ලේතම් ලකුණු 28 යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 305 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 340 ක්. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 309 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...