මෙරට තුළ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සකස් කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය අප්‍රසාදය පල කර තිබෙනවා.
ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පවතින ක්‍රීඩාංගනවලදී ද ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ජාත්‍යන්තර තරග සහ පළමු පෙල දේශීය තරග ක්‍රීඩා නොකරන බවයි.
එබැවින් තවත් ජාත්‍යන්තර ක්රීඩාංගයනයක් අවශ්‍යදැයි මහේල ප්‍රශ්න කර සිටිනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින් හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ආසන 40,000කින් යුත් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් වසර 3ක් තුළ අවසන් කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර සිටියේ.
ඒ, අදාළ ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 30ත් 40ත් අතර මුදලක් වැය වනු ඇති.
මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රීඩාංගන 8ක් පමණ පවතිනවා.
කොළඹ ප්‍රදේශයේ පමණක් ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩාංගන 3ක් (ආර්.ප්‍රේමදාස, එස්.එස්.සී, පී සරා) පවතින අතර, මොරටුව, දඹුල්ල, මහනුවර, ගාල්ල, හම්බන්තොට යන ප්රදේශවලද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පවතිනවා.
කෙසේ වෙතත්, හිටපු නායක මහේල ජයවර්ධන පෙන්වා දෙන පරිදි එම ක්‍රීඩාංගනවල වසරක් තුළ දී ප්‍රමාණවත් පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග හෝ දේශීය තරග පැවැත්වෙන බවක් දක්නට ලැබෙන්නේ නැහැ.
මහේල ජයවර්ධන තැබූ ට්විටර් සටහන –
😲😲😲 We don’t even play enough international cricket or domestic first class cricket in the existing stadiums we have … Do we need another one? 🤦♂️ https://t.co/8CgmgiDyy1
— Mahela Jayawardena (@MahelaJay) May 17, 2020

