ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් වසර 3කින් අවසන්

Date:

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් වසර 3ක් තුළ අවසන් කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, අද හෝමාගම ප්‍රදේශයේ අදාළ ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ආසන 40,000කින් සමන්විත ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 30ත් 40ත් අතර මුදලක් වැය වනු ඇති.

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් අක්කර 26ක භූමි ප්‍රදේශයක මෙය ඉදි වන අතර, දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි වන පරිදි මෙහි ඉදි කිරීම් ඉදිරියේ දී ආරම්භ කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

නිරීක්ෂණ චාරිකාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ද එක්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...