නවසීලන්තය පරදා ශ්‍රී ලංකා යොවුන් පිලට විශිෂ්ඨ ජයක්

Date:

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

බ්‍රිස්බේන් හි Allan Pettigrew Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 148 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

රෂ්මිකා සෙව්වන්දි ලකුණු 36 ක් රැස් කළ අතර, සංජනා කාවින්දි ලකුණු 30 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Anika Todd ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත යොවුන් කාන්තා පිලට පන්දුවාර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 79 ක් පමණයි.

Eve Wolland ලකුණු 24 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී ප්‍රමුදි මෙත්සරා ලකුණු 6කට කඩුලු 3 ක් දවා ගත්තා. රෂ්මිකා සෙව්වන්දි, චමිදු ප්‍රමෝදා හා අසේනි තලගුණේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...