Day 2 Report : ඉන්දියාව ලකුණු 308 ක් ඉදිරියෙන්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද චෙන්නායි හී දී නිමා වුණේ තරගයේ පාලනය ඉන්දියාවට නතු කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 308 ක්.

දිනය ආරම්භ කරන විට බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 339 ක් ලබා සිටියා. ඉන්දීය ඉනිමේ සියලු දෙනා ලකුණු 376 කට සීමා කිරීමට බංග්ලාදේශය සමත් වුණේ ඔවුන්ගේ ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 144 දී බිද වැටුණු පසුබිමකයි.

අනතුරුව රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 199 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දීය පළමු ඉනිම ස්ථාවර මට්ටමකට රැගෙන ගියා.

අද දිනයේ දී ඉන්දීය ඉනිමට තවත් ලකුණු 4ක් එක් වීමෙන් අනතුරුව ජඩේජා ලකුණු 86 කට දැවී යාමත් සමගයි එම සුපිරි සම්බන්ධතාවය බිද වැටුණේ. අශ්වින් ලකුණු 113 ක් රැස් කළා. ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 56 යි.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් කඩුලු 5 ක් දවා ගත් අතර, ටස්කින් අහ්මඩ් කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ලකුණු 149 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. ශකිබ් අල් හසාන් ලකුණු 32 ක්, මෙහිදි හසාන් මිරාස් නොදැවී ලකුණු 27 ක් හා  ලිටොන් දාස් ලකුණු 22 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 4 ක් දවා ගත්තා. මොහමඩ් සිරාජ්, ආකාශ් දීප් හා රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. අකාශ් දීප් විසින් පිට පිට පන්දු දෙකකදී සාකීර් හසාන් හා මොමිනුල් හක් දවා ගැනීම කැපී පෙනුණා.(දර්ශන පහතින්)

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 33 ක් හා රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 12 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා ලකුණු 5කටත්, යශස්වි ජයිස්වාල් ලකුණු 10කටත් දැවී ගිය අතර, විරාත් කෝලි ලබා ගත්තේ ලකුණු 17ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...