අශ්වින්-ජඩේජා 195* ක සම්බන්ධය හමුවේ ඉන්දියාව අර්බුදයෙන් ගැළවෙයි

Date:

ලකුණු 144 දී 6 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(19) චෙන්නායි හී දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු හයක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339 ක්.

රෝහිත් ෂර්මා ලකුණු හයකටත්, ෂුබ්මන් ගිල් ලකුණු නොලබාත්, විරාත් කෝලි ලකුණු හයකටත් දැවී ගියා. රිෂාබ් පාන්ට් ලකුණු 39 ක් ලබා ගත් අතර, යශස්වි ජයිස්වාල් ලකුණු 56 යි. කේ එල් රාහුල් ලකුණු 16 කට දැවී ගියා.

අනතුරුව මේ වන විට 7 වැනි කඩුල්ල සදහා ලකුණු 195* (227) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා සමත්ව සිටිනවා.

අශ්වින් අද වාර්තා කළේ සිය 6 වැනි ටෙස්ට් ශතකයයි. ඔහු මේ වන විට පන්දු 112 කින් ලකුණු 102 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහර දෙකකින් හා හතරේ පහර 10 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

හයේ පහර දෙකක් හා හතරේ පහර 10 ක් සමග සිය ඉනිම ද ගොඩ නගා ගත් ජඩේජා නොදැවී ලකුණු 86 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 58 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...