ට්‍රැවිස් හෙඩ්ගේ ලකුණු 154* හමුවේ ඔස්ට්‍රේලියාවට කඩුලු හතක සුපිරි ජයක්

Date:

ට්‍ර්‍රැවිස් හෙඩ් පන්දු 129 කින් නොදැවී රැස් කළ ලකුණු 154 හමුවේ එංගලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් එක්දින තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

නොටින්හැම්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 315 ක් රැස් කළ නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 44 ක් පමණක් වැය කරමින් කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිය කණ්ඩායම සුපිරි ජයක් කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ්ගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 20 ක් ඇතුළත්.

මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 77 ක් රැස් කළේ පන්දු 61 කින්. හෙඩ් හා ලබුෂේන් අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 148 (107)ක්. ස්ටීවන් ස්මිත් හා කැමරන් ග්‍රීන් ලකුණු 32 බැගින් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් බෙන් ඩකට් ලකුණු 95 ක් හා විල් ජැක්ස් ලකුණු 62 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා හා මර්නස් ලබුෂේන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...