ICC මාසයේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන ශ්‍රී ලංකාවට

Date:

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව යන සම්මාන දෙකම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක මෙවර සමත්ව තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රීඩකයා ලෙස දුනිත් වෙල්ලාලගේ ද, ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම ද සම්මානයෙන් පිදුම් ලබා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

මීට පෙර මෙම වසරේ මාර්තු මාසයේ දී කමිදු මෙන්ඩිස් විසින් ද මෙම සම්මානය දිනා ගත් අතර, ඒ අනුව 2024 වසරේ දී මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ කමිදු මෙන්ඩිස්.

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ දී තුන් ඉරියව්වෙන්ම දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු එම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

පසුගිය මැයි හා ජූලි මාසවලදී මාසයේ ක්‍රීඩිකාව සම්මානයෙන් චමරි අතපත්තු පිදුම් ලැබූ පසුබිමකයි හර්ෂිතා සමරවික්‍රම පසුගිය මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...