වෙනස්කම් කිහිපයක් සමග පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

Date:

නවසීලන්තය සමග හෙට (18) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව හෙට ගාල්ලේ දී ආරම්භ වන තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම දග පන්දු යවන්නන් දෙදෙනෙකු හා වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගයි තරග වදින්නේ.

ප්‍රධාන දග පන්දු යවන්නන් ලෙස ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් ක්‍රීඩා කරන අතර, වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට නම් කර ඇත්තේ ලහිරු කුමාර හා අසිත ප්‍රනාන්දුයි.

පිතිකරණ ලැයිස්තුවේ ද වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ඒ අනුව අංක 3 පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් වෙනුවට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ දිනේෂ් චන්දිමාල්.

චන්දිමාල් මෙතෙක් ටෙස්ට් කණ්ඩායමේ අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කළා. එම ස්ථානය සදහා හෙට තරගයේ දී ක්‍රීඩා කරන්නේ මෙතෙක් අංක 7 ස්ථානයේ පන්දුවට පහරදුන් කමිදු මෙන්ඩිස්.

කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයේ පන්දුවට පහර දීමට නියමිත අතර, ඔහු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.

එංගලන්තය සමග පැවැති අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි විශ්ව ප්‍රනාන්දුට හා මිලාන් රත්නායකට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා. ඔවුන් දෙදෙනා වෙනුවටයි රමේෂ් මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට කැදවා ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...