දකුණු ආසියානු කණිෂ්ට මළල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9 ක්

Date:

ඉන්දියාවේ චෙන්නායිහි පැවැති දකුණු ආසියානු කණිෂ්ට මළල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් 9 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

ඊට අමතරව රිදී පදක්කම් 9 ක් හා ලෝකඩ පදක්කම් 17 ක් ද ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඒ අනුව සමස්ත පදක්කම් 35 ක් සමග ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ හිමි වුණේ දෙවැනි ස්ථානයයි.

රන් පදක්කම් 21 ක්, රිදී පදක්කම් 22 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගත් ඉන්දියාව සමස්ත පදක්කම් 48 ක් සමග පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමි කර ගත්තා.

සෙසු කිසිදු රටකට එක් රන් පදක්කමක් හෝ දිනා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

මෙවර දකුණු ආසියානු කණිෂ්ට මළල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 100, පිරිමි මීටර් 200, පිරිමි මීටර් 100 සහාය දිවීම, පිරිමි මීටර් 400 සහාය දිවීම, පිරිමි තුන් පිම්ම, පිරිමි උස පැනීම, පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම, පිරිමි මීටර් 800 හා කාන්තා මීටර් 800 යන තරග ඉසව්වල රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...