කාම්බෝජය පරදා ශ්‍රී ලංකාව ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තෙවැනි වටයට

Date:

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග යටතේ කාම්බෝජය සමග ඊයේ එරට දී පැවැති දෙවන අදියරේ තරගයෙන් දඩුවම් පහර 4-2 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, කොළඹ දී පැවැති පළමු අදියරේ තරගය ජය පරාජයෙන් තොරව (ගෝල 0-0) නිමා වූ පසුබිමකයි.

තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබා සම මට්ටමේ පසු වුණා.

අනතුරුව ලබා දුන් අතිරේක කාලයේ දී ද කණ්ඩායම් දෙකම ගෝලය බැගින් රැස් කළා.

ඒ අනුවයි තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා දඩුවම් පහර ලබා දීමට සිදු වුණේ. එහිදී දඩුවම් පහර 4-2 ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තා.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාව ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තෙවැනි වටයේ තරග සදහා සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර, ඊයේ ලැබූ ජයත් සමග පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 200 හෝ 201 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීමට ද නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...