එංගලන්තයේ අවසන් කඩුලු 6 ලකුණු 35 කට දැවී යයි

Date:

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(7).

දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටි අතර, එංගලන්ත ඉනිමේ සියලු දෙනා ලකුණු 325 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඔලී පෝප් ලකුණු 154 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 19 ක් සමගින්. බෙන් ඩකට් ලකුණු 86 යි. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සීමාව පසු කළේ නැහැ.

එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 35 ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී මිලාන් රත්නායක ලකුණු 56 කට කඩුලු 3 ක් දවා ගත්තා. විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර හා ධනංජය ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී එක් ලකුණක් ලබා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...