වනිදුගේ උත්සාහය අපතේ යයි – තීක්ෂණගේ හා දුනිත්ගේ දක්ෂතා හමුවේ රෝයල්ස් පිලට තියුණු ජයක්

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී මහීෂ් තීක්ෂණ හා දුනිත් වෙල්ලාලගේ ප්‍රදර්ශනය කළ විශිෂ්ඨ දක්ෂතා හමුවේ වනිදු හසරංගගේ උත්සාහය අපතේ යවමින් St Kitts and Nevis Patriots කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට Barbados Royals කණ්ඩායම සමත් වුණා.

ශාන්ත කිට්ස් හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Nevis Patriots කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුලු තුනම ලකුණු බින්දුවේ දී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ හා දුනිත් වෙල්ලාලගේ සමත් වීම කැපී පෙනුණා. එහිදී පළමු පන්දුවාරයේ දී තීක්ෂණ විසින් එවින් ලුවිස් හා ක්යල් මේයර්ස් ලකුණු බින්දුවකට දවා ගැනීමට සමත් වූ අතර, දෙවැනි පන්දුවාරයේ දී ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට වෙල්ලාලගේ සමත් වුණා.

බිද වැටුණු ඉනිමට ජීවයක් එක් කළ වනිදු හසරංග පන්දු 27 කින් ලකුණු 40 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත් අතර, දුනිත් වෙල්ලාලගේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Barbados Royals කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 32 කින් ලකුණු 39 ක් රැස් කළා. ඒ, හතරේ පහර 5 ක් සමගින්. තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

පන්දු යැවීමේ ක්යල් මේයර්ස් කඩුලු දෙකක් බිද හෙලූ අතර, වනිදු හසරංග ලකුණු 33 කට කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු බින්දුවේ දී දැවී ගිය කඩුලු 3 පහතින් නරඹන්න –

දුනිත්ගේ තුන් ඉරියව් දක්ෂතා පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...