පෝප්ගේ නොදැවුණු ශතකය පළමු දිනයේ සියලු ගෞරව එංගලන්තයට හිමි කර දෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(6) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඔලී පෝප් වාර්තා කළ සිය 7 වැනි ටෙස්ට් ශතකය හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි වූ අතර, ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර දිනය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 221 ක්.

අයහපත් අලෝක තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 44.1 ක් පමණයි.

පළමු තරග දෙකේ දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ පෝප් මෙම ඉනිමේ දී සුපිරි ශතකයක් වාර්තා කරමින් පන්දු 103 කින් නොදැවී ලකුණු 103 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහර 2ක් හා හතරේ පහර 13 ක් සමගින්.

ඔහු ඉතිහාසගත වුණේ සිය පළමු ටෙස්ට් ශතක 7 රටවල් හතකට එරෙහිව වාර්තා කළ ලොව පළමු පිතිකරුවා ලෙසයි.

බෙන් ඩකට් ලකුණු 86 ක් පන්දු 79 කින් වාර්තා කළා. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 9ක් සමගින්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩෑන් ලෝරන්ස් ලකුණු 5කට දැවී ගිය අතර, තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය ජෝ රූට් රැස් කළ ලකුණු සංඛ්‍යාව 13 ක්. හැරී බෘෘක් නොදැවී ලකුණු 8යි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු දෙකක් හා මිලාන් රත්නායක කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...