ලකුණු 70 ක ජයකින් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Date:

ස්කොට්ලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 70 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම (2-0) තහවුරු කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(6) සමත් වුණා.

එඩින්බර්ග්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා.

ට්‍රැවිස් හෙඩ් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් ලකුණු 16 ක් රැස් කළා.

සුපිරි ශතකයක් වාර්තා කළ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 103 ක් රැස් කළේ පන්දු 49 කින්. හයේ පහර හා හතරේ පහර 7 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු පන්දු 43 කින් සිය ශතකය සම්පූර්ණ කළ අතර, ඒ අනුව ඉන්ග්ලිස් ඉතිහාසගත වුණේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම විස්සයි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙසයි. කැමරන් ග්‍රීන් ලකුණු 36 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Brad Currie ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණයි.

බ්‍රෙන්ඩන් මැක්මලන් පන්දු 42 කින් ලකුණු 59 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී මර්කස් ස්ටොයිනිස් ලකුණු 23 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...