වනිදු හසරංගට හදිසියේ විදෙස් ලීග් ගිවිසුමක්

Date:

St Kitts and Nevis Patriots කණ්ඩායම විසින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමග මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL)ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගතව තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින සිකන්ඩ රාසා වෙනුවටයි ඔහු එලෙස ගිවිසුම්ගත වී ඇත්තේ.

මීට පෙර හසරංග පසුගිය මාසයේ දී පාදයක ආබාධයකට ලක් වූ බැවින් ඔහුට මෙවර CPL තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබූ අතර, ඔහු වෙනුවට ටබ්රයිස් ශම්සි ආදේශ කිරීමට පියවර ගෙන තිබුණා.

මේ අතර, නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජොෂ් ක්ලාර්ක්සන් සමග ද Nevis Patriots කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකා ක්‍රීඩක ට්‍රිස්ටන් ස්ටබ්ස් ජාතික කණ්ඩායමට කැදවීමට ගෙන ඇති තීරණයක් හේතුවෙන්.

ටබ්රයිස් ශම්සි ද ජාතික කණ්ඩායමේ වගකීම් වෙනුවෙන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇති බැවින් ඔහු වෙනුවට තාවකාලිකව පාකිස්තානයේ උපත ලද ඇමෙරිකානු දග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් මොහ්සින් ආදේශ කර තිබෙනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් භානුක රාජපක්ෂ (St Lucia Kings), නුවන් තුෂාර (St Kitts and Nevis Patriots), මහීෂ් තීක්ෂණ හා දුනිත් වෙල්ලාලගේ (Barbados Royals) ද ගිවිසුම්ගතව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...