හෙඩ් පන්දු 25 න් ගහපු ලකුණු 80 හමුවේ ඔස්ට්‍රේලියාවට කඩුලු හතක ජයක්

Date:

ස්කොට්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක සුපිරි ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(4) සමත් වුණා.

එඩින්බර්ග්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 154 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 9.4 ක් පමණක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගැනීම විශේෂත්වයක්.

ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් ලකුණු නොලබා දැවී ගිය අතර, ට්‍රැවිස් හෙඩ් පන්දු 25 කින් වේගවත් ලකුණු 80 ක් රැස් කළා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්.

මිචෙල් මාෂ් පන්දු 12 කින් ලකුණු 39 ක් ලබා ගත් අතර, ජොෂ් ඉන්ග්ලිස් නොදැවී ලකුණු 27(13) යි.

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය වෙනුවෙන් ජෝර්ජ් මන්සේ ලකුණු 28 ක්, මැතිව් ක්‍රොස් ලකුණු 27 ක් හා රිචී බෙරින්ටන් ලකුණු 23 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශෝන් ඇබෝට් කඩුලු 3 ක් දවා ගත් අතර, Xavier Bartlett හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...