එම්බාපේගේ ගෝල ද්විත්වය රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට ජය ගෙනෙයි

Date:

ස්පාඥ්ඥයේ පැවැත්වෙන ලා ලීගා පාපන්දු තරගාවලිය යටතේ පැවැති තරගයකින් රියාල් බෙටිස් කණ්ඩායම පරදා ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ.

දෙවැනි අර්ධයේ දී ක්‍රියාත්මක වූ ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක කිලියන් එම්බාපේ 67 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය ඔහු විසින් ලා ලීගා තරගාවලියේ දී වාර්තා කළ පළමු ගෝලයයි.

යළි 76 වැනි මිනිත්තුවේ දී ද ඔහු විසින් දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායමට අනර්ඝ ජයක් කරා මග පෙන්වනු ලැබුවා.

ලා ලීගා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව මේ වන විට බාර්සිලෝනා කණ්ඩායම පෙරමුණේ පසුවන අතර, රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...