බංග්ලාදේශය හමුවේ පාකිස්තානය අවමන් සහගත තරගාවලි පරාජයක් අභියස

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(2) නිමා වුණේ බංග්ලාදේශයට ඓතිහාසික තරගාවලි ජයක් සදහා මග පාදමින්.

රාවල්පින්ඩිහී දී පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනය අද නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 185 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 42 ක් ලබා සිටියා.

සාකීර් හසාන් නොදැවී ලකුණු 31 ක් හා ශඩ්මන් ඉස්ලාම් නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට පාකිස්තානය සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අතර, ඔවුන් කඩුලු දෙකක් දැවී ලකුණු 9ක් ලබා සිටියා. පාකිස්තානයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

සල්මන් ආගා නොදැවී ලකුණු 47 ක් හා මොහමඩ් රිස්වාන් ලකුණු 43 ක් රැස් කළා. පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 43 ක් ලබා දෙමින්. නහිද් රානා කඩුලු 4 ක් බිද හෙලුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 274 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 262 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශය තවත් ලකුණු 143 ක් ලබා ගත යුතු අතර, මෙම තරගයෙන් ඔවුන් ජය ගතහොත් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ද බංග්ලාදේශය සමත් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...