උදාරගේ 86 හා හේමන්තගේ කඩුලු පහ හමුවේ ශ්‍රී ලංකාව තරගාවලිය දිනයි

Date:

දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 31 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට (2-0) සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම අද(2) සමත් වුණා.

Potchefstroom හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 270 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට පන්දුවාර 41.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 239 ක් පමණයි.

මැතිව් බ්‍රීට්ස්කා ලකුණු 74 ක් හා මීකා-ඊල් ප්‍රින්ස් ලකුණු 44 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 48 ක් ලබා දෙමින්. වනුජ සහන් කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A ඉනිම වෙනුවෙන් ලහිරු උදාර ලකුණු 86(95) ක්, සහන් ආරච්චිගේ ලකුණු 52(56) ක්, චමිදු වික්‍රමසිංහ ලකුණු 48(36) ක් හා සොනාල් දිනූෂ නොදැවී ලකුණු 37(46) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ඇන්ඩිල් සයිමෙලේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...