භානුකගේ සුපිරි ප්‍රහාරය හමුවේ කිංග්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් (දර්ශන සහිතයි)

Date:

භානුක රාජපක්ෂගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් St Kitts and Nevis Patriots කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් වාර්තා කිරීමට St Lucia Kings කණ්ඩායම සමත් වුණා.

ශාන්ත කිට්ස් හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Patriots කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා.

එවින් ලුවිස් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තේ පන්දු 54 කින්. ඒ, හයේ පහර 9 ක් හා හතරේ පහර 7ක් සමගින්. ක්යල් මේයර්ස් පන්දු 62 කින් ලකුණු 92 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ඩේවිඩ් වීසා ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kings කණ්ඩායම පන්දුවාර 17.2 ක් පමණක් වැය කරමින් කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ, සිව්වැනි කඩුල්ල ලකුණූ 24 දී දැවී ගිය පසුබිමකයි.

සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය භානුක රාජපක්ෂ පන්දු 35 කින් නොදැවී ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් සමගින්. (දර්ශන පහතින්)

ටිම් සයිෆර්ට් පන්දු 27 කින් 64 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර හයක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී අන්රික් නොකියා හා ක්යල් මේයර්ස් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...