රෂීඩ් ඛාන්ගෙන් ටෙස්ට් පිටියට තාවකාලික විවේකයක්

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලද වෛද්‍ය නිර්දේශ මත රෂීඩ් මෙලෙස ටෙස්ට් පිටියෙන් විවේකයක් ලබා ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු 20 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන මූලික සංචිතයට ද රෂීඩ් ඛාන් නම් කර නැහැ.

ඔහුට කොපමණ කාලයක් ටෙස්ට් පිටියෙන් විවේක ගැනීමට සිදු වනු ඇත්දැයි මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව රෂීඩ් ඛාන් පිට කොන්ද ආශ්‍රිත ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහුට මාස 4ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට ද සිදු වුණා.

එම ශල්‍යකර්මයෙන් පසුව ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ විස්සයි 20 තරග පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...