ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයට ට්‍රෙස්කොතික් වෙනුවට ෆ්ලින්ටොෆ්

Date:

ශ්‍රී ලංකාව සමග ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන මර්කස් ට්‍රෙස්කොතික්  කෙටි විවේකයක් ගැනීමට නියමිතව තිබීම හේතුවෙන්.

සැප්තැම්බර් මාසයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියන්හී දී කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ට්‍රෙස්කොතික් කටයුතු කිරීමට නියමිතව ඇති පසුබිමකයි ඔහු මෙම කෙටි විවේකය ගැනීමට තීරණය කර ඇත්තේ.

පසුගිය වසරක කාලයේ දී ෆ්ලින්ටොෆ් එංගලන්ත කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයට ඇතුළත්ව සිටි නමුත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 හා එක්දින තරගාවලිය සදහා ඔහු එක් වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...