ඝාතනයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශකිබ්ට එංගලන්තයෙන් ගිවිසුමක්

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) සදහා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් එක් කර ගැනීමට සරේ කණ්ඩායමේ අවධානය යොමුව තිබෙනවා.

සමර්සෙට් කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිත තරගය සදහායි ඔහුව මෙලෙස සම්බන්ධ කර ගැනීමට අවධානය යොමු කර ඇත්තේ.

ඒ සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද අනුමැතිය ලබා දී ඇති බව සදහන්.

සැප්තැම්බර් 19 වැනිදා සිට බංග්ලාදේශ හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිත අතර, ඒ අනුව සමර්සෙට් කණ්ඩායමට එරෙහි තරගය අවසන් වීමෙන් පසුව ශකිබ් ලන්ඩන් නුවර සිට චෙන්නායි වෙත පැමිණීමට නියමිතයි.

බංග්ලාදේශයේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර දී පුද්ගල ඝාතනයක් සිදු කළ බවට එරට පැවැති ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වූ ශකිබ් ඇතුළු පුද්ගලයින් 147 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත්, ඊට අදාළ විමර්ශන කටයුතු තවත් ආරම්භක අදියරේ පවතින බැවින් ශකිබ්ට තවදුරටත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...