පාකිස්තානය පරදා බංග්ලාදේශය පළමු වරට ටෙස්ට් තරගයක් ජය ගනියි

Date:

පාකිස්තානය පරදා ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරගයක් ජය ගැනීමට බංග්ලාදේශය අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර පාකිස්තානයේ දී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

රාවල්පින්ඩිහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 448 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 565 ක් ලබා ගත්තා.

තරගයේ අවසන් දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 146 ක් පමණයි.

මොහමඩ් රිස්වාන් ලකුණු 51 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් කඩුලු 4 ක් හා ශකිබ් අල් හසාන් කඩුලු 3 ක් දවා ගත්තා.

තරගය ජය ගැනීමට ලද ලකුණු 30 ක ඉලක්කය පන්දුවාර 6.3 ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදී සපුරා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. සාකීර් හසාන් නොදැවී ලකුණු 15 ක් හා ශඩ්මන් ඉස්ලාම් නොදැවී ලකුණු 9 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...