එංගලන්ත ප්‍රබල වේග පන්දු යවන්නා ටෙස්ට් තරගාවලියෙන් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දෙරට අතර මැන්චෙස්ටර්හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධයක් (thigh injury) හේතුවෙන්.

ආබාධය නිසා මාර්ක් වුඩ්ට තරගයේ සිව්වැනි දිනයේ දී පන්දු යැවීමට ද නොහැකි වුණා.

ඔහු වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 20 හැවිරිදි වමත් වේග පන්දු යවන ක්‍රීඩක Josh Hull සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මාර්ක් වුඩ්ට ඉතිරි ගිම්හාන ටෙස්ට් තරග වාරයම අහිමි වී ඇතත්, ඔහුට ඔක්තෝබර් මාසයේ දී එංගලන්ත කණ්ඩායම සිදු කිරීමට නියමිත පාකිස්තාන තරග සංචාරය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන් ද ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයේ රැදී සිටින බැවින් එළඹෙන 29 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සදහා මාර්ක් වුඩ් වෙනුවට ඔහුව කණ්ඩායමට කැදවීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...