චන්දිමාල් හා කමිදුගේ සටන අපතේ යයි – එංගලන්තයට කඩුලු පහක ජයක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින් තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(24) සමත් වුණා.

මැන්චෙස්ටර්හි පැවැති තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 205 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු පහක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජෝ රූට් නොදැවී ලකුණු 62 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය අතර, ජෙමී ස්මිත් ලකුණු 39 ක් රැස් කළා.

ඩෑන් ලෝරන්ස් ලකුණු 34 ක් හා හැරී බෘෘක් ලකුණු 32 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 204 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක්.

සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ කමිදු මෙන්ඩිස් ලකුණු 113 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 15 ක් සමගින්.

දිනේෂ් චන්දිමාල් ලකුණු 79 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 65 ක් ලබා ගත්තා. චන්දිමාල් හා කමිදු අතර 7 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 117 ක්.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා මැතිව් පොට්ස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 236 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 358 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...