ආදේශ කරන්න තරම් සුදුසු පරණ පන්දු නැහැ කිව්වා : ඇන්ජෙලෝ මැතිව්ස්

Date:

ටෙස්ට් තරඟවල පන්දු ආදේශ කිරීම සම්බන්ධයෙන් මීට වඩා දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

එංගලන්තය සමග මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ආරම්භ වීමට පෙර Sky Sports වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

තරගයේ තෙවැනි දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 41 වැනි පන්දුවාරයෙන් පසුව එංගලන්ත ක්‍රීඩකයින් සිදු කළ ඉල්ලීමකට එකග වෙමින් විනිසුරුවන් විසින් එතෙක් භාවිතා වූ පන්දුව වෙනත් පන්දුවක් සමග ආදේශ කිරීමට පියවර ගත්තා. ඒ, ඇන්ජෙලෝ මැතිව්ස් හා කමිදු මෙන්ඩිස් අතර සටන්කාමී සම්බන්ධතාවයක් ගොඩ නැගෙමින් තිබූ පසුබිමකයි.

එංගලන්තයට දැඩි හිසරදයක් බවට පත් වූ එම සම්බන්ධතාවය අතරතුර දී මෙලෙස පන්දුව මාරු කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව, පෙර පන්දුවට වඩා ආදේශ කළ පන්දුව වැඩි දෝලනයකින් යුතු වන අයුරු දැක ගත හැකි වුණා. ඒ හේතුවෙන් පිතිකරුවන්ට පිතිකරණයේ නිරත වීම දැඩි අභියෝගයක් බවට පත් වුණා.

එහි ප්‍රතිපලයක් ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 65 ක් ලබා සිටියදී දැවී ගියා.

“ඔවුන් සැලසුම්වලින් තොර වන බවක් පෙනෙන්නට තිබුණා, නමුත් අවාසනාවන්ත ලෙස පන්දුව වෙනස් කරා.” යනුවෙන් මැතිව්ස් කියා සිටියා.

“ආදේශ කිරීමට තරම් පරන පන්දු ඔවුන් සතුව නොමැති බව අපට පැවසුවා. එය තරගයේ සමස්ථ රිද්මය වෙනස් කරා. පන්දුවේ දිස්නය නැති කරන්න ගොඩක් මහන්සි වෙනවා, අපි ඒක කරා. පන්දුව වෙනස් කිරීමෙන් පසුව එය සම්පූර්ණයෙන්ම වෙනස් තරගයක් වුණා.”

පන්දුව වෙනස් කිරීමෙන් පසුව ආදේශ කෙරුණු පන්දුවේ දෝලනය වැඩි වීම හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් හා කමිදු මෙන්ඩිස්ට පිතිකරණයේ නිරත වීමට දැඩි අභියෝගයක් එල්ල වුණා. මැතිව්ස් ලකුණු 65 දී ද, කමිදු ලකුණු 39 දී ද උඩ පන්දු දෙකක් ලබා දුන් නමුත්, එම උඩ පන්දු දෙක ජෝ රූට් හා ගස් ඇට්කින්සන් අතින් ගිලිහී ගියා.

පන්දුවේ දෝලනය හමුවේ මිලාන් රත්නායක හා කමිදු මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවන් ලෙස ද අවස්ථා දෙකකදී විනිසුරු විසින් නම් කළ නමුත්, එම අවස්ථා දෙකේදීම පන්දුව පිත්තේ ඇතුළු දාරයේ වැදුණු බවට අනාවරණය වීම හේතුවෙන් විනිසුරු තීරණ නැවත විමසීමේ දී ක්‍රමවේදයේ දී ඔවුන් දෙදෙනාම නොදැවුණු පිතිකරුවන් බවට නම් කෙරුණා.

පසුගිය තරග වාරයේ දී ද පස්වැනි අළුබදුන ටෙස්ට් තරගයේ දී මෙලෙස පන්දුව මාරු කිරීමක් සිදු කරමින් එංගලන්තය වාසි ලබා ගත් බවට ද චෝදනා එල්ල වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...