ධනංජයගේ හා මිලාන්ගේ අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකාව යළි සටනට – එංගලන්තය 214 ක් පිටුපසින්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(21) මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 22 ක් ලබා සිටියා.

බෙන් ඩකට් නොදැවී ලකුණු 13 ක් හා ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 236 ක්.

මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වූ පසුබිමක නායක ධනංජය ද සිල්වා සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74 ක් ලබා ශ්‍රී ලංකාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මග සකස් කර දුන්නා. පන්දු 84 කින් වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත්.

ධනංජය හා මිලාන් රත්නායක අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 (98)ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිලාන් ලකුණු 72 ක් ලබා ගත්තේ පන්දු 135 කින්. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 6ක් සමගින්.

මිලාන් හා විශ්ව ප්‍රනාන්දු අතර 9 වැනි කඩුල්ලට ද ලකුණු 50(122) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. අවසන් කඩුල්ල ලෙස විශ්ව ලකුණු 13 කට දුවද්දී දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 6ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු දෙකකටත්, නිශාන් මදුෂ්ක ලකුණු 4කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු බින්දුවකටත් දැවී ගියා.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් අතරේ සිව්වැනි කඩුල්ලට ලකුණු 34 ක සම්බන්ධතාවයක් ද, චන්දිමාල් හා ධනංජය ද සිල්වා අතරේ 5 වැනි කඩුල්ලට ලකුණු 32 ක සම්බන්ධයක් ද ගොඩ නැගුණා. මෙන්ඩිස් ලකුණු 24 ක් හා චන්දිමාල් ලකුණු 17 ක් රැස් කළා.

කමිදු මෙන්ඩිස් ලකුණු 12 කට දැවී ගිය අතර, ප්‍රභාත් ජයසූරිය ලකුණු 10 යි. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා ශොයිබ් බෂීර් කඩුලු 3 බැගින් දවා ගත්තා.

එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 214 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...