Tea Report : ධනංජය හා මිලාන් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කරයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට මැන්චෙස්ටර්හීදී පැවැත්වෙනවා.

තේ පානය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියා.

ඒ අනුව දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ඔවුන් කඩුලු 3 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 98 ක්.

මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වූ පසුබිමක නායක ධනංජය ද සිල්වා සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74 ක් ලබා ශ්‍රී ලංකාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මග සකස් කර දුන්නා. පන්දු 84 කින් වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත්.

ධනංජය හා මිලාන් රත්නායක අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 (98)ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

නොදැවී පන්දුවට පහර දෙන මිලාන් රත්නායක ලකුණු 32 ක් ලබා සිටින අතර, විශ්ව ප්‍රනාන්දු තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

දිවා ආහාරයෙන් පසු දැවී ගිය පළමු කඩුල්ල ලෙස කමිදු මෙන්ඩිස් ලකුණු 12 කට දැවී ගියා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 10 යි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 6ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු දෙකකටත්, නිශාන් මදුෂ්ක ලකුණු 4කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු බින්දුවකටත් දැවී ගියා.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් අතරේ සිව්වැනි කඩුල්ලට ලකුණු 34 ක සම්බන්ධතාවයක් ද, චන්දිමාල් හා ධනංජය ද සිල්වා අතරේ 5 වැනි කඩුල්ලට ලකුණු 32 ක සම්බන්ධයක් ද ගොඩ නැගුණා. මෙන්ඩිස් ලකුණු 24 ක් හා චන්දිමාල් ලකුණු 17 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන් ලකුණු 36 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...