Lunch Report : ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු පහක් දැවී යයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට මැන්චෙස්ටර්හීදී පැවැත්වෙනවා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80 ක්.

නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 28 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 5 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 6ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී දිමුත් කරුණාරත්න ලකුණු දෙකකටත්, නිශාන් මදුෂ්ක ලකුණු 4කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු බින්දුවකටත් දැවී ගියා.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් සිව්වැනි කඩුල්ලට ලකුණු 34 ක සම්බන්ධතාවයක් ද, චන්දිමාල් හා ධනංජය ද සිල්වා අතරේ 5 වැනි කඩුල්ලට ලකුණු 32 ක සම්බන්ධයක් ද ගොඩ නැගුණා.

මෙන්ඩිස් ලකුණු 24 ක් හා චන්දිමාල් ලකුණු 17 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන්, මාර්ක් වුඩ් හා ශොයිබ් බෂීර් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

අද තරගයේ දී මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගැනීම ද විශේෂත්වයක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගත් 166 වැනි ක්‍රීඩකයායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...