ලකුණු 13ක ජයක් සමගින් දිල්ලිය යළි පෙරමුණට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ, මෙවර තරගාවලියේ 30 වන තරග‍යෙන් ඔවුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 13ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා.

දිල්ලි ඉනිම ශක්තිමත් කළ ශිකර් දවාන් ලකුණු 57ක් සහ නායක ෂ්රෙයස් අයියර් ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් ලකුණු 19කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ජාදෙව් උනඩ්කට් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම කඩුලු 8ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත්තේ ලකුණු 148ක් පමණයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 41ක් සහ රොබින් උතාපා ලකුණු 32ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

Anrich Nortje සහ තුෂාර් දේශ්පාන්ඩේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණේ ක්‍රීඩා කළ තරග 8න් තරග 6ක් ජය ගනිමින්.

මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිව තිබූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ඔවුන් තරග 7කට සහභාගී වී තරග 5ක් ජය ගෙන තිබෙනවා.

මෙම තරගයෙන් පරාජයට පත් වූ රාජස්ථාන් කණ්ඩායම සහභාගී වූ තරග 8න් 3ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 7 වන ස්ථානයේ යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...