‘Bazball’ ක්‍රිකට් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි : සනත් ජයසූරිය

Date:

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ‘Bazball’ යනුවෙන් ක්‍රමවේදයක් එංගලන්තය හදුන්වා දුන් බවට පැවසුව ද, එය නව ක්‍රමවේදයක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ මෙවැනි වේගවත් පිතිහරඹ රටා තමා ක්‍රීඩා කරන කාලයේ දී ද පැවැති බවයි.

“කාලයට අනුව විවිධ විලාසයන් ලැබෙනවා. මැතිව් හේඩ්න් හා ඇඩම් ගිල්ක්‍රිස්ට් අපේ කාලයේදීත් මේ දේ කරා. මේකත් අතීතයේ අපිට තිබුණ වගේ දෙයක් තමයි.” යනුවෙන් සනත් ජයසූරිය සදහන් කළා.

“මේක අලුත් දෙයක් කියලා දැන් මාධ්‍ය ප්‍රචාරයක් යනවා. ඔවුන් මුල සිටම ප්‍රහාරාත්මක ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උත්සාහ කරනවා. නමුත් අවසාන ඉලක්කය වෙන්නේ ලකුණු 300 හෝ 400 වෙත ළඟා වීමයි.”

“පළමු පන්දුවාර දහයේ තමයි මම හිතන විදියට වැඩිම පීඩනයක් එල්ල වෙන්නේ (පන්දු යවන්නන්ට). ඔබ ඉතිහාසය බැලුවොත්, ඔවුන් එම පළමු පන්දුවාර දහය තුළ ප්‍රහාර එල්ල කර ඉක්මනින්ම ලකුණු ලබාගෙන තියෙනවා. ඊට එරෙහිව කටයුතු කිරීමට අප සතුව සැලසුම් කිහිපයක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඔවුන් ක්‍රීඩා කරන්නේ එහෙමයි කියලා.”

“අපි නියම තැන්වල පන්දු යවන්න ඕනේ, හොඳ පන්දුවලට ගැහුවට කමක් නැහැ. තණතීරුවේ තත්ත්වයන් අනුව අපි පන්දු යැවිය යුතු නිවැරදි තැන් හඳුනා ගත යුතුයි.”

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ දී ගිම්හාන තරග වාරයේ අවසන් කාලයේ දී මෙලෙස තරගාවලියක් ක්‍රීඩා කරන්නේ 1998 වසරෙන් පසුව පළමු වරටයි.

සනත් ජයසූරියට අනුව ශ්‍රී ලංකාවට එය යම් වාසි සහගත තත්ත්වයක් උදා කර තිබෙනවා.

“අපට ප්‍රමාද ගිම්හාන සංචාරයක් ලැබීම විශිෂ්ට දෙයක්. මොකද බොහෝ තණතීරු ගොඩක් භාවිතා කරලා තියෙනවා. අවුරුද්දේ මේ කාලයේ වැඩි හිරු රශ්මියකුත් තියෙනවා. එය මුල් ගිම්හාන සංචාරවලට වඩා අපේ රටේ තත්ත්වයන්ට ගොඩක් සමානයි. මට විශ්වාසයි ක්‍රීඩකයින් දන්නවා ඒක හොඳ අවස්ථාවක් කියලා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...